ග්‍රෑන්ඩ්හෝම්ට සති 8ක් ක්‍රිකට් අහිමි වෙයි

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කොලින් ද ග්‍රෑන්ඩ්හෝම්ට සති 8ක පමණ කාලයක් විවේක ගැනීමට සිදුව තිබෙනවා.
ඒ, ඔහුගේ දකුණු වළලුකර ප්‍රදේශයේ හටගෙන ඇති ආබාධය හේතුවෙන්.
ආබාධය නිසා ඔහු ශල්‍යකර්මයකට ද මුහුණ දීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ හේතුවෙන් ඔහුට එළඹෙන බංග්ලාදේශ තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
එමෙන්ම මැයි මස අගදී සිදු කිරීමට නියමිතව ඇති නවසීලන්ත කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය මෙන්ම ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ද කොලින් ද ග්‍රෑන්ඩ්හෝම්ට ක්‍රීඩා කළ හැකි දැයි මේ වන විට යම් අවිනිශ්චිත බවක් මතුව තිබෙනවා.