Ultimate magazine theme for WordPress.

ගවස්කාර්ගේ හොදම ආරම්භක සගයා “චොහාන්” කොරෝනා වැළදී මරුට

ඉන්දීය හිටපු ආරම්භක පිතිකරුවෙකු වූ චේටන් චොහාන් (Chetan Chauhan) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 73 වන වියේ පසු වුණා.

පසුගිය ජූලි මාසයේ දී චේටන් චොහාන් කොරෝනා වෛරසයට ගොදුරු වූ අතර, ඊයේ දිනයේ දී ඔහුගේ වකුකඩු අකර්මන්‍ය වීමක් සිදු වූ බවටයි  විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔහු ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 40කට සහ එක්දින තරග 7කට ක්‍රීඩා කර තිබුණා.

වසර 12ක (1969-1981) කාලයක් චේටන් චොහාන් ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කළ අතර, සුපිරි පිතිකරු සුනිල් ගවස්කාර් සමග තරග රැසකදී ඔහු ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කළා.

Leave a comment