Ultimate magazine theme for WordPress.

ගප්ටිල් හා බෝල්ට් නවසීලන්ත සංචිතයෙන් ඉවතට

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින හා 20යි 20 තරගාවලි සදහා වන නවසීලන්ත සංචිත අද(15) ප්‍රකාශයට පත් කෙරුණා.

කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් සංචිතවලින් මාර්ටින් ගප්ටිල් හා ට්‍රෙන්ට් බෝල්ට් ඉවත් කර තිබීම විශේෂත්වයක්.

මාර්ටින් ගප්ටිල් නිමා වූ 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතයට ඇතුළත්ව සිටියද, ඔහුට කිසිදු තරගයක් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි වූයේ නැහැ.

ඒ, ෆින් ඇලන් ආරම්භක පිතිකරුවෙකු ලෙස තරගාවලිය පුරා කටයුතු කිරීම හේතුවෙන්.

ඒ අනුව 36 හැවිරිදි ගප්ටිල්ගේ අනාගත ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය මේ වන විට අවිනිශ්චිත තත්ත්වයක පවතිනවා.

පවුලේ සාමාජිකයින් සමග වැඩි කාලයක් ගත කිරීමේ අරමුණින් වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් එරට ක්‍රිකට් ආයතනය සමග පැවැති ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුමෙන් ඉවත් වීමට පසුගිය අගෝස්තු මාසයේ දී තීරණය කළ අතර, ඔහුව ඉන්දියාවට එරෙහි තරගාවලි සදහා නම් නොකිරීමට එය හේතුවක් වී තිබෙනවා.

30 හැවිරිදි ඇඩම් මිල්න් එක්දින හා 20යි 20 යන සංචිත දෙක සදහාම නම් කර තිබෙනවා. ඒ අනුව ඔහු වසර 5 කට පසුව පළමු වරට එක්දින ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කිරීමටයි මේ වන විට සූදානමින් පසුවන්නේ.

ආබාධවලට ලක්වීම හේතුවෙන් ක්යිල් ජමීසන් හා බෙන් සියර්ස් මෙම තරගාවලි සදහා නම් කර නැහැ.

ජිමී නීෂම් තෙවැනි එක්දින තරගයෙන් පමණක් ඉවත් කර ඇත්තේ ඔහුට සිය විවාහ උත්සවය සදහා සූදානම් වීමට අවශ්‍ය බැවින්.

ඔහු වෙනුවට හෙන්රි නිකල්ස් අවසන් එක්දින තරගය සදහා නම් කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායමේ මෙම තරග සංචාරය සදහා තරග 3කින් යුත් 20යි 20 තරගාවලියක් හා තරග 3 කින් යුත් එක්දින තරගාවලියක් ඇතුළත්.

එළඹෙන 18 වැනිදා 20යි 20 තරගාවලිය වෙලින්ග්ටන් හී දී ආරම්භ වීමට නියමිත අතර, එක්දින තරගාවලිය නොවැම්බර් 30 වැනිදා අවසන් වීමට නියමිතයි.

නවසීලන්ත තරග සංචාරයෙන් රෝහිට් ෂර්මා, විරාට් කෝලි හා කේ. එල් රාහුල් විවේක ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගත්තා.

ඒ අනුව ඉන්දීය 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස හර්ඩික් පාන්ඩ්යා නම් කර ඇති අතර, එක්දින කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ ශිකර් ධවාන් විසින්.

NZ T20I squad:

Kane Williamson (C), Finn Allen, Michael Bracewell, Devon Conway (WK), Lockie Ferguson, Daryl Mitchell, Adam Milne, Jimmy Neesham, Glenn Phillips, Mitchell Santner, Tim Southee, Ish Sodhi, Blair Tickner

NZ ODI squad:

Kane Williamson (C), Finn Allen, Michael Bracewell, Devon Conway, Lockie Ferguson, Daryl Mitchell, Adam Milne, Jimmy Neesham, Glenn Phillips, Mitchell Santner, Tim Southee, Tom Latham (WK), Matt Henry

Leave a comment