Ultimate magazine theme for WordPress.

ගප්ටිල් සති දෙකක් ක්‍රිකට් පිටියෙන් ඉවතට

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක මාර්ටින් ගප්ටිල්ට සති දෙකකට ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුව තිබෙනවා.

ඒ, දේශීය තරගයක් අතරතුර දී ඔහු මුහුණ දුන් වම් පාදයේ ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

ඔහුගේ තත්ත්වය යහපත් අතට පත් වෙමින් තිබෙන බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටුව සදහන් කළේ.

ඉදිරි දිනවලදී ද ඔහුගේ ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් අධීක්ෂණය කරමින් සිටින බව වෛද්‍ය කමිටුව වැඩිදුරටත් කියා සිටියා.

 

Leave a comment