Ultimate magazine theme for WordPress.

කෝලි සහ ස්මිත් පසු කරමින් විලියම්සන් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට

ජගත් ක්‍රිකට් කවුන්සලය නිකුත් කළ නවතම ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට නවසීලන්ත නායක කේන් විලියම්සන් සමත් වී තිබෙනවා.

ඒ, පාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන්.

මෙතෙක් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගෙන සිටි ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත් ඉන්දියාවට එරෙහිව නිමා වූ පළමු ටෙස්ට් තරග ද්විත්වයේ දී දක්ෂතා දැක්වීමට සමත් වූයේ නැහැ.

ඒ අනුව නව ප්‍රසාද ලකුණු 13ක් හිමි කරගනිමින් සමස්ත ප්‍රසාද ලකුණු 890කට හිමිකම් කියන කේන් විලියම්සන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පත්ව ඇත්තේ ස්ටීව් ස්මිත් සහ ඉන්දීය නායක විරාට් කෝලි අභිබවා යමින්.

ස්මිත් ප්‍රසාද ලකුණු 877ක් ලබා ගනිමින් තෙවන ස්ථානයට පත්ව ඇති අතර, විරාට් කෝලි ප්‍රසාද ලකුණු 879ක් හිමි කර ගනිමින් දෙවන ස්ථානයේම පසුවනවා.

Leave a comment