Ultimate magazine theme for WordPress.

කෝලි වරද පිළිගනියි – ඉන්දියාවට 20% ක දඩයක්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කර තිබෙනවා.

ඒ, එංගලන්තය සමග ඊයේ(14) අහ්මදාබාද්හි පැවැති දෙවන 20යි 20 ක්‍රිකට් තරගයේ දී නියමිත කාලයට පන්දුවාර 20 යවා නිම නොකිරීම හේතුවෙන්.

විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායමට නියමිත කාලය නිමා වන විට එක් පන්දුවාරයක් යවා නිමා කිරීමට හැකියාව ලැබී තිබුණේ නැහැ.

ඒ අනුව සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් පනවා ඇති බව සදහන්.

තරග තීරකවරයා ලෙස කටයුතු කළ ජවගල් ශ්‍රීනාත් විසින් මෙම දඩ පැනවීම සිදු කර තිබෙනවා.

නායක විරාට් කෝලි වරද පිළිගනිමින් ලබා දී ඇති දඩුවම පිළිගෙන ඇති බවත්, එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොවන බවත් ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළා.

Leave a comment