Ultimate magazine theme for WordPress.

කෝලි – අනුෂ්කා දික්කසාද පුවත සමාජ මාධ්‍ය කළඹයි

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි සහ ඔහුගේ බිරිද වන බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා දික්කසාද වූ බවට වන පුවතක් මේ වන විට ඉන්දියාව පුරා සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්වෙමින් පවතිනවා.

ඒ සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යතාවය නොදෙන සමාජ මාධ්‍ය ඔස්සේ එම පුවත දැඩි ලෙස හුවමාරු වී ඇති බවයි වාර්තා වන්නේ.

සැබවින්ම සිදුව ඇත්තේ කුමක්ද? 2017 වසරේ විවාහ වූ ඔවුන් දෙදෙනා මේ වන විට දික්කසාද වී ඇත්ද? පිළිතුර නැහැ.

වාර්තා වන අන්දමට මෙම අසත්‍ය පුවත සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්ව ඇත්තේ 2016 වසරේ දී Times of India වාර්තා කළ පුවතක් යළිත් වරක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වීමත් සමගයි.

විරාට් කෝලි සහ අනුෂ්කා ෂර්මා 2016 වසර වන විට විවාහ වී නොසිටි අතර, ඔවුන්ගේ ආදර සබදතාවය බිද වැටී ඇති බවට වන වාර්තාවක් පමණක් අදාළ පුවතෙහි සදහන්ව තිබුණා.

ඒ අනුව මෙම පුවත පල කළ දිනය පිළිබද සොයා බැලීමක් සිදු නොකර සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් එය හුවමාරු කිරීම මෙම අර්බුදයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment