Ultimate magazine theme for WordPress.

කෝලි අත්අඩංගුවට ගන්නැයි මහාධිකරණයට පෙත්සමක්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ඉන්දියාවේ මදුරාසි මහාධිකරණය හමුවේ පෙත්සමක් ගොණු කර තිබෙනවා.

ඒ, ඔහු මාර්ගගත (ඔන්ලයින්) සූදුව ප්‍රවර්ධනය කළ බවට චෝදනා කරමින්.

චෙන්නායි හි නීතිඥවරයෙක් මෙම පෙත්සම ගොණු කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

මාර්ගගත සූදු යෙදුම්(app) තහනම් කරන ලෙස ද ඔහු එමගින් අධිකරණ නියෝගයක් අපේක්ෂා කරන බව සදහන්.

මාර්ගගත සූදු සමාගම් විරාට් කෝලි වැනි ජනප්‍රිය පුද්ගලයින් සිය ප්‍රවර්ධන කටයුතු සදහා යොදා ගන්නා බවත්, එබැවින් ඔහුව ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත යුතු බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.

Leave a comment