Ultimate magazine theme for WordPress.

කෝලිත් අභිබවා වාර්තාගත ඡන්ද ප්‍රතිශතයකින් මාලිංග IPL හොදම කණ්ඩායමට

ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ක්‍රීඩා කළ හොදම ක්‍රීඩකයින් 11 දෙනාගේ කණ්ඩායමට තේරී පත්ව තිබෙනවා.

ඒ, බී.බී.සී ලෝක සේවය විසින් කළ ඡන්ද විමසීමකින්.

එහිදී බී.බී.සී පරිශීලකයින් 25,000ක් පමණ ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංගව මෙම ඡන්ද විමසීමේ දී පරිශීලකයින් අතරින් 93% දෙනෙකුම තෝරා ගෙන තිබීම විශේෂත්වයක්.

එක් ක්‍රීඩකයෙකු සදහා හිමි වූ වැඩිම ඡන්ද ප්‍රතිශතය ද එය වන අතර, දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩි විලියස් සදහා ද එම ඡන්ද ප්‍රතිශතයම හිමිව තිබුණා.

මේ අතර, ලසිත් මාලිංග අයි.පී.එල් තරගාවලි ඉතිහාසයේ දී යෝකර් පන්දු 525ක් යොමු කර ඇති බව ද මෙහිදී බී.බී.සී ලෝක සේවය අණාවරණය කළා.

සෙසු පන්දු යවන්නන් හා සැසදීමේ දී යෝකර් පන්දු 325කින් ඔහු ඉදිරියෙන් පසු වන බවයි බී.බී.සී ලෝක සේවය සදහන් කළේ.

all-time IPL XI :

1. Chris Gayle (picked by 80% of readers)
2. David Warner (67%)
3. Virat Kohli (92%)
4. AB de Villiers (93%)
5. MS Dhoni (82%)
6. Andre Russell (54%)
7. Dwayne Bravo (52%)
8. Sunil Narine (52%)
9. Lasith Malinga (93%)
10. Jasprit Bumrah (64%)
11. Bhuvneshwar Kumar (43%)

Leave a comment