Ultimate magazine theme for WordPress.

කොළඹ සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරග වදින කලම්බු කිංග්ස් සංචිතය අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා.

ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 22 දෙනෙකු ඇතුළත්.

ඊට විදෙස් ක්‍රීඩකයින් ලෙස Andre Russell, Manpreet Singh Gony, Laurie Evans, Daniel Bell Drummond, Ravinderpal Singh, Qais Ahmad, Karim Khan Sadeq යන ක්‍රීඩකයින් 7 දෙනා එක් වනු ඇති.

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකාවේ හර්ෂල් ගිබ්ස් කටයුතු කරන අතර, සහාය පුහුණුකරු ලෙස රංගන හේරත් කටයුතු කරනවා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන 26 වනදා හම්බන්තොට දී ආරම්භ වන අතර, පළමු තරගය පැවැත්වෙන්නේ කලම්බු කිංග්ස් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතරයි.

කොළඹ සංචිතය –

Angelo Mathews (C), Andre Russell, Manpreet Singh Gony, Laurie Evans, Daniel Bell Drummond, Isuru Udana, Dinesh Chandimal, Amila Aponso, Ashan Priyanjana, Ravinderpal Singh, Qais Ahmad, Dushmantha Chameera, Jeffrey Vandersay, Theekshila De Silva, PHT Kaushal, Lahiru Udara, Karim Khan Sadeq, Dhammika Prasad, Himesh Ramanayake, Kalana Perera, Tharindu Ratnayake, Navod Paranavithana.

Coach: Hershel Gibbs. Assistant Coach : Rangana Herath. Director : Shadab Jakati.

Leave a comment