කොවිඩ් 19 සටනට කෝලි සහ අනුෂ්කාගෙන් කෝටි 2ක්

ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි සහ ඔහුගේ බිරිද වන බොලිවුඩ් නිලි අනුෂ්කා ෂර්මා එරට කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සදහා වන වැඩසටහනකට ඉන්දීය රුපියල් කෝටි දෙකක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.
කෝටි 7ක මුදලක් රැස් කිරීමේ අරමුණින් අදාළ වැඩසටහන ආරම්භ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
සමාජජාලා මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් කෝලි සහ අනුෂ්කා මෙම වැඩසටහන සදහා ජනතාවගේ සහයෝගය ද ඉල්ලා සිටියා.
“ජීවිත බේරා ගැනීම සදහා කිසිදු මුදලක් කුඩා නොවේ.” යනුවෙන් විරාට් කෝලි කියා සිටියා.
View this post on Instagram