Ultimate magazine theme for WordPress.

කොවිඩ් 19 නිසා අශ්වින් IPL හැර යයි

තමා මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් තාවකාලිකව ඉවත් වීමට තීරණය කළ බව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක ආර්. අශ්වින් පවසනවා.

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමග ඊයේ(25) රාත්‍රියේ පැවැති තරගයෙන් අනතුරුවයි ඔහු ඒ බව නිවේනය කළේ.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සිය පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කිරීමේ අවශ්‍යතාවය මත තමන් මෙම තීරණය ගත් බව අශ්වින් සදහන් කළා.

කොවිඩ් 19 අර්බුදය පහව ගොස් තත්ත්වය සාමාන්‍ය අතට පත්වන බවට දක්නට ලැබුණොහොත් තමා යළි අයි.පී.එල් තරගාවලිය සමග එක්වීමට සූදානම් බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අශ්වින් අවධාරණය කළේ.

ඊයේ පැවැති තරගයත් සමග දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ චෙන්නායි අදියර මේ වන විට අවසන් කර ඇති අතර, ඒ අනුව ඔවුන් අහ්මදාබාද් වෙත පිටත්ව යාමට නියමිතව ඇත්තේ ඉදිරි තරග ක්‍රීඩා කිරීම සදහායි.

Leave a comment