Ultimate magazine theme for WordPress.

කොල්කටා ක්‍රීඩාංගනය නීරෝධායන මධ්‍යස්ථානයක් කෙරේ

ඉන්දියාවේ කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනය කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලික නීරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා.

එරට පොලිස් නිළධාරීන් සදහා තාවකාලික නීරෝධායන මධ්‍යස්ථානයක් ලෙස එය සකස් කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව ප්‍රේක්ෂකාගාරයේ E,F,G,H,J යන කොටස් මෙලෙස පොලීසිය වෙත ලබා දී ඇති බව සදහන්.

“කොරෝනා වසංගත අර්බුදයේ දී බළධාරීන්ට සහාය වීම අපේ යුතුකමක්”

යනුවෙන් ක්‍රීඩාංගනයේ භාරකාරත්වය හිමි බෙංගාල ක්‍රිකට් සංගමය සදහන් කළා.

කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනය සැලකෙන්නේ ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනවලින් එකක් ලෙසයි.

Leave a comment