Ultimate magazine theme for WordPress.

කොල්කටාවට ලකුණු 37ක ජයක් – Match Report

ADVERTISEMENT

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 12 වන තරගයෙන් ලකුණු 37ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

ඩුබායිහි පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව කොල්කටා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 174ක් ලබා ගත්තා.

ෂුබ්මන් ගිල් ලකුණු 47ක් සහ ඉයන් මෝර්ගන් නොදැවී ලකුණු 34ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජොෆ්ර ආචර් කඩුලු 2ක් බිද හෙලුවේ ලකුණු 18ක් ලබා දෙමින්

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායමට කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137ක් පමණයි.

ටොම් කරන් පන්දු 36කදී නොදැවී ලකුණු 54ක් ලබාගත්තා.

පන්දු යැවීමේ දී ශිවම් මාවි, කම්ලේශ් නගර්කෝටි සහ වරුන් චක්‍රවර්ති කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Leave a comment