Ultimate magazine theme for WordPress.

කොරෝනා නිසා ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක්

වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක් සිදු කිරීමට මේ වන විට කටයුතු කෙරෙමින් පවතිනවා.

ඒ අනුව විශ්ව ප්‍රනාන්දු හෝ සුරංග ලක්මාල් සංචිතයට එක් වනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කර සිටියේ.

ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් සංචාරය ආරම්භ කිරීමට පැය කිහිපයක් ඉතිරිව තිබියදී යි ළහිරු කුමාරට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණේ.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය තරග සංචාරයට බාධාවක් නොවනු ඇති බව ද ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කර සිටියා.

කොදෙව් සංචාරය සදහා වන ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණේ ද නැහැ.

Leave a comment