Ultimate magazine theme for WordPress.

කොරෝනා නිසා ඉන්දු – එංගලන්ත 20යි 20 තරගාවලියට බාධා

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ඉතිරි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග 3 ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වීමට ගුජරාට් ක්‍රිකට් සංගමය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය බළධාරීන් සමග පැවැති සාකච්ඡාවකින් පසුව එම තීරණය ගත් බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලියේ පළමු තරග දෙක 50%ක ප්‍රේක්ෂක සහභාගීත්වයක් සහිතව අහ්මදාබාද්හී දී පැවැත්වුණා.

කෙසේ වෙතත්, මේ වන විට ඉන්දියාව තුළ පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් අවසන් 20යි 20 තරග 3 ප්‍රේක්ෂක සහභාගීත්වයක් නොමැතිව පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව මේ වන විටත් ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන ඇති ප්‍රේක්ෂකයින්ට ඊට අදාළ මුදල් යළි ලබා දීමට කටයුතු කෙරෙණු ඇති.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි 20යි 20 තරගය අද(16) අහ්මදාබාද්හී දී පැවැත්වීමට නියමිතයි.

Leave a comment