Ultimate magazine theme for WordPress.

කොරෝනා දෙවරක් වැළදුණු පාකිස්තාන ක්‍රීඩකයාට කණ්ඩායම හා එක් වීමට අවසර

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක කෂිෆ් භට්ටිට එංගලන්ත තරග සංචාරයේ නිරත පාකිස්තාන සංචිතයේ සෙසු ක්‍රීඩකයින් සමග එක්වීමට අවසර ලැබී තිබෙනවා.

ඒ, ඔහු කොරෝනා සම්බන්ධ වෛද්‍ය පරීක්ෂණ දෙකකින් සමත්වීමත් සමගයි.

ඔහු එංගලන්තයට පැමිණීමෙන් පසුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකදී කොරෝනා වෛරස් ආසාදිතයෙකු ලෙස දෙවැනි වරටත් හදුනා ගැණුණා.

ඊට පෙර පාකිස්තානයේ දී ද ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනා ගෙන තිබූ නමුත්, පසුව පාකිස්තානයේ දී සිදු කළ වෛද්‍ය පරීක්ෂණ දෙකකින් කොරෝනා වෛරසය ශරීරය තුළ නොමැති බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුවයි කෂිෆ් භට්ටිට එංගලන්ත තරග සංචාරයට එක්වීමට අවසර ලැබුණේ.

එංගලන්ත තරග සංචාරයට එක්වීම සදහා පාකිස්තාන ක්‍රීඩකයින් කොටස් 3ක් වශයෙන් පාකිස්තානයෙන් පිටත්ව ගිය අතර, එහි තෙවැනි කාණ්ඩයට කෂිෆ් භට්ටි ඇතුළත් වුණා.

කෙසේ වෙතත්, එංගලන්තයට පැමිණීමෙන් පසුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණයේ දී ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස නැවතත් හදුනා ගැනීම හේතුවෙන් ඔහුට ස්වයං නීරෝධායනයට ද ලක් වීමට සිදු වුණා.

Leave a comment