Ultimate magazine theme for WordPress.

කොරෝනා ආසාදනය වීමෙන් වින්ස්ටත් PSL අහිමි වෙයි

එංගලන්ත පිතිකරු ජේම්ස් වින්ස්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුට ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග 4 අහිමි වනු ඇති.

ජේම්ස් වින්ස් මුල්ටාන් සුල්ටාන්ස් කණ්ඩායමයි නියෝජනය කිරීමට නියමිතව සිටියේ.

ඒ අනුව ඔහු වෙනුවට එංගලන්ත පිතිකරු ජෝ ඩෙන්ලි සංචිතයට ආදේශ කිරීමට නියමිත බව සදහන්.

මුල්ටාන් සුල්ටාන්ස් කණ්ඩායම විසින් මොයීන් අලී වෙනුවට බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක මහ්මුදුල්ලාහ් ද සිය කණ්ඩායමට තෝරා ගෙන තිබූ නමුත්, මහ්මුදුල්ලාහ්ට ද කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට සංචිතයෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ජේම්ස් වින්ස් මෙවර බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ද සිඩ්නි සික්සර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

එම තරගාවලිය ආරම්භ වීමට තවත් මාසයක පමණ කාලයක් පවතින බැවින් ඔහුට ඒ සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වීමට ඉඩ තිබෙනවා.

කොරෝනා වසංගතය නිසා කල් දැමීමට සිදු වූ 2020 පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග 4 ලබන 14 වනදා සිට 17 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Leave a comment