Ultimate magazine theme for WordPress.

කොදෙව් 20යි 20 තරගාවලියේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ගේ කැපීපෙනන වෙනසක්

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ 20යි 20 තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන්ගේ කැපී පෙනෙන වෙනසක් සිදු වනු ඇති බව වාර්තා වනවා.

ඒ අනුව නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී පිත්තෙන් සුවිශේෂී දක්ෂතා දැක් වූ ධනුෂ්ක ගුණතිලක සහ ටෙස්ට් හා එක්දින කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ඉනිම ආරම්භ කරනු ඇති බව සදහන්.

දිමුත් කරුණාරත්න මෙතෙක් කිසිදු ජාත්‍යන්තර 20යි 20 තරගයක් සදහා ක්‍රීඩා කර නැහැ.

කෙසේ වෙතත්,  මුල්පෙල පිතිකරුවන් කිහිපදෙනෙකුම මෙම තරග සංචාරයට එක් නොවන බැවින් අදාළ තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

මුල් පෙල පිතිකරුවන් වන කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් මෙම තරග සංචාරයට එක් නොවන බවත්, වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන ද සංචිතයට නම් කර නොමැති බවත් සදහන්.

ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.

Leave a comment