Ultimate magazine theme for WordPress.

කොදෙව් සංචාරය සදහා ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ සීමිත පන්දුවාර තරග සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එක්දින කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි දිමුත් කරුණාරත්න විසින් දරනු ලබන නමුත් 20යි 20 කණ්ඩායමේ නායකයා කවුරුන් ද යන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර නැහැ.

කෙසේ වෙතත්, මීට පෙර වාර්තා වූයේ දසුන් ශානක 20යි 20 කණ්ඩාමේ නායකයා ලෙස පත් කර ඇති බවටයි.

අප මීට පෙර වාර්තා කළ පරිදි 20යි 20 සංචිතය සදහා නිත්‍ය නායක ලසිත් මාලිංග ද නම් කර නැහැ.

අවිශ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස් සහ ඉසුරු උදාන සංචිතයට ඇතුළත් කර නොමැති අතර, දේශීය ක්‍රිකට් පිටියේ පසුගිය කාලයේ ඉහළ දක්ෂතාවයක් දැක් වූ පැතුම් නිස්සංක මෙන්ම, කමිදු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර සහ ඩිල්ෂාන් මදුෂංක යන ක්‍රීඩකයින් ද 20 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුළත්.

කෙසේ වෙතත්, නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා ලෙසින් සම්මාන ලබමින් ඉහළ දක්ෂතාවයක් දැක් වූ ධනංජය ලක්ෂාන්ට තවමත් ජාතික කණ්ඩායමට ඇතුළත් වීමට අවස්ථාවක් හිමි වී නැහැ.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වූ බවට අද හදුනා ගත් ළහිරු කුමාර වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට කැදවා ඇත්තේ සුරංග ලක්මාල්.

කොදෙව් තරග සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 3ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය –

01) Dimuth Karunaratne – Captain ( ODI ), 02) Dasun Shanaka, 03) Danushka Gunathilake, 04) Pathum Nissanka, 05) Ashen Bandara, 06) Oshada Fernando, 07) Dinesh Chandimal, 08) Angelo Mathews, 09) Niroshan Dickwella, 10) Thisara Perera, 11) Kamindu Mendis, 12) Wanindu Hasaranga, 13) Ramesh Mendis, 14) Lahiru Kumara (Will not go on the tour as he has tested positive for Covid-19, 15) Nuwan Pradeep, 16) Asitha Fernando, 17) Dushmantha Chameera, 18) Akila Dananajaya, 19) Lakshan Sandakan, 20) Dilshan Madushanka, 21) Suranga Lakmal (comes in as the replacement for Lahiru Kumara)

Leave a comment