Ultimate magazine theme for WordPress.

කොදෙව් – පාකිස්තාන 20යි 20 තරගාවලිය 2024 ට කල් යයි

පාකිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර එළඹෙන ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය 2024 වසර දක්වා කල් දැමීමට තීරණය කළ බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

2024 වසරේ දී කොදෙව් දූපත් හී දී හා අමෙරිකාවේ දී පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා හොදින් සූදානම් වීමට මෙම තරගාවලිය යොදා ගැනීමේ අරමුණිනුයි මෙලෙස 20යි 20 තරගාවලිය 2024 වසරට කල් දමා ඇත්තේ.

ජනවාරි මාසයට යෙදී තිබූ අදාළ 20යි 20 තරගාවලිය 2023-2027 අයි.සී.සී තරග කාලසටහනට (FTP) ද ඇතුළත්ව තිබුණේ නැහැ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය යටතේ එක්දින තරගාවලියක් පසුගිය ජූනි මාසයේ දී පාකිස්තානයේ මුල්තාන් හී දී පැවැත්වුණා.

Show Comments (1)