Ultimate magazine theme for WordPress.

කොදෙව් ප්‍රබලයින් තිදෙනෙක් කොන්ත්‍රාත් ගිවිසුම් ප්‍රතික්ෂේප කරයි

බටහිර ඉන්දීය කොදෙව් හිටපු නායකයින් වන ජේසන් හෝල්ඩර් හා නිකලස් පූරාන් මෙන්ම ක්යල් මේයර්ස් 2023-24 අදියර සදහා වන මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඔවුන් එළඹෙන වසරේ දී 20යි 20 ජාත්‍යන්තර තරගාවලි සදහා ක්‍රීඩා කිරීමට නියමිත බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එළඹෙන වසරක කාලය වෙනුවෙන් කොන්ත්‍රාත්ගත වූ ක්‍රීඩකයින් 14 දෙනෙකුගේ හා ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගේ නම් ද කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

ක්‍රීඩක කොන්ත්‍රාත් ලැයිස්තුව සදහා පළමු වරට Alick Athanaze, Keacy Carty, Tagenarine Chanderpaul හා Gudakesh Motie යන ක්‍රීඩකයින් ඇතුළත්.

Zaida James හා Sheneta Grimmond යන ක්‍රීඩිකාවන්ට ද පළමු වරට කොන්ත්‍රාත් ගිවිසුම් හිමි වී තිබෙනවා.

කාර්ය බහුල තරග රටාව හා ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලි හමුවේ කොදෙව් ක්‍රීඩකයින් මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් ප්‍රතික්ෂේප කළ පළමු අවස්ථාව මෙය නොවේ.

මීට පෙර කයිරන් පොලාඩ්, ඩ්වේයන් බ්‍රාවෝ හා ක්‍රිස් ගේල් වැනි ප්‍රබල ක්‍රීඩකයින් ද එලෙස කොන්ත්‍රාත් ගිවිසුම් ප්‍රතික්ෂේප කර තිබුණා.

නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට් ද පසුගිය වසරේ දී නවසීලන්ත කොන්ත්‍රාත් ගිවිසුම් ප්‍රතික්ෂේප කළ අතර, එංගලන්තයේ බෙන් ස්ටොක්ස් ද වසර තුනක කොන්ත්‍රාත් ගිවිසුමක් ප්‍රතික්ෂේප කරමින් මෑතකදී වසරක ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා.

  • West Indies men’s contracts for 2023-24

Alick Athanaze, Kraigg Brathwaite, Keacy Carty, Tagenarine Chanderpaul, Joshua Da Silva, Shai Hope, Akeal Hosein, Alzarri Joseph, Brandon King, Gudakesh Motie, Rovman Powell, Kemar Roach, Jayden Seales, Romario Shepherd
Out:

Jermaine Blackwood, Nkrumah Bonner, Jason Holder, Kyle Mayers, Obed McCoy, Nicholas Pooran, Odean Smith, Hayden Walsh Jr
In:

Alick Athanaze, Keacy Carty, Tagenarine Chanderpaul, Gudakesh Motie

  • West Indies women’s contracts for 2023-24

Aaliyah Alleyne, Shemaine Campbelle, Shamilia Connell, Afy Fletcher, Cherry-Ann Fraser, Shabika Gajnabi, Jannillea Glasgow, Sheneta Grimmond, Chinelle Henry, Zaida James, Mandy Mangru, Hayley Matthews, Karishma Ramharack, Stafanie Taylor, Rashada Williams

Leave a comment