Ultimate magazine theme for WordPress.

කොදෙව් කොන්ත්‍රාත් ගිවිසුම් හිමි ක්‍රීඩක ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ

2021-22 තරග වාරය වෙනුවෙන් වන මධ්‍යම ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව මෙම වසර මුලදී බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමේ දී කැපී පෙනන දක්ෂතා දැක් වූ ක්යල් මේයර්ස් සහ න්ක්රුමහ් බෝනර් (Kyle Mayers and Nkrumah Bonner) ඇතුළු ක්‍රීඩකයින් සිව් දෙනෙකුට මෙවර පළමු වරට කොන්ත්‍රාත් ගිවිසුම් හිමිව තිබීම විශේෂත්වයක්.

පළමු වරට කොන්ත්‍රාත් හිමිව ඇති සෙසු ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ ජොෂුවා ද සිල්වා සහ Akeal Hosein යන ක්‍රීඩකයින් දෙදෙනායි.

සියලු තරග රටා සදහා වන කොන්ත්‍රාත් ගිවිසුමක් අත්සන් කර ඇත්තේ ජේසන් හෝල්ඩර් පමණයි.

රොස්ටන් චේස් පසුගිය තරග වාරයේ දී සියලු තරග රටා සදහා වන කොන්ත්‍රාත් ගිවිසුමකට අත්සන් තබා තිබූ නමුත්, මෙවර එය ඔහුට අහිමි වී තිබෙනවා.

ශිම්රන් හෙට්මයර්, ඔෂේන් තෝමස්, ශෙල්ඩන් කොට්‍රෙල්, ෂේන් ඩව්රිච්, සහ ෂමාර් බෘෘක්ස් (Shamarh Brooks) යන ක්‍රීඩකයින්ට ද මෙවර කොන්ත්‍රාත් ගිවිසුම් හිමි වී නැහැ.

ක්‍රීඩකයින් 18 දෙනෙකුට මෙවර කොන්ත්‍රාත් හිමිව ඇති අතර, ලබන ජූලි පළමු වැනිදා සිට 2022 වසරේ ජූනි 30 වනදා දක්වා මෙම කොන්ත්‍රාත් වලංගු වනු ඇති.

WEST INDIES MEN INTERNATIONAL RETAINER CONTRACTS 2021-2022 :

  • All-Format Contracts: Jason Holder.
  • Red Ball Contracts: Kraigg Brathwaite, Jermaine Blackwood, Nkrumah Bonner*, Rahkeem Cornwall, Joshua Da Silva*, Shannon Gabriel, Kyle Mayers* and Kemar Roach.
  • White Ball Contracts: Kieron Pollard, Fabien Allen, Darren Bravo, Shai Hope, Akeal Hosein*, Evin Lewis, Alzarri Joseph, Nicholas Pooran and Hayden Walsh Jr.

(* – Players offered contracts for the first time in 2021-2022)

Players who are no longer receiving international retainer contracts are:

  • All Format Contracts: Roston Chase.
  • Red Ball Contracts: Shamarh Brooks and Shane Dowrich.
  • White Ball Contracts: Sunil Ambris, Sheldon Cottrell, Shimron Hetmyer, Brandon King, Keemo Paul, Rovman Powell, Romario Shepherd and Oshane Thomas.
Leave a comment