කොදෙව් කණ්ඩායම ගාල්ලට

ශ්‍රී ලංකා තරග සංචාරයක නිරත බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අද(17) ගාල්ල වෙත පැමිණියා.(දර්ශන පහතින්)
ඒ, ශ්‍රී ලංකාව සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අරමුණින්.
ඔවුන් මෙතෙක් කොළඹ රැදී සිටි අතර, එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමග පුහුණු තරගයකට ද එක් වීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත්, වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් එම සිව්දින පුහුණු තරගය පැවැත්වීමට හැකි වූයේ නැහැ.
දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය නොවැම්බර් 21 වනදා ද, දෙවැනි ටෙස්ට් තරගය නොවැම්බර් 29 වනදා ද ආරම්භ වීමට නියමිතයි.
එම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියර යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගාවලිය වීම ද විශේෂත්වයක්.
Safe and sound in Galle!
Candle lighting fact: A traditional way to welcome someone to your home/property. The flame is supposed to burn out any bad/negative energy.#MenInMaroon #SLvWI pic.twitter.com/LCbX3BeqY8
— Windies Cricket (@windiescricket) November 17, 2021