කොදෙව්වන් 2/2 ; ලකුණු 215ක් පිටුපසින්
Day 1 Report

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මෙරට වේලාවෙන් අද(13) අලුයම නිමා වුණා.
ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 2ක් දැවී ලබා සිටියේ ලකුණු 2ක් පමණයි.
කිරන් පවෙල් හා Nkrumah Bonner ලකුණු නොලබා දැවී ගිය අතර, ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් එක් ලකුණක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
රොස්ටන් චේස් තවමත් ලකුණු ලබා ගෙන නැහැ.
දැවී ගිය කඩුලු දෙකේම හිමිකරුවා බවට පත් වුණේ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අබ්බාස්.
ජැමයිකාවේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
ඒ අනුව පිටියට පිවිසි පාකිස්තානය සිය පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 217ක්.
ෆවඩ් අලාම් ලකුණු 56ක්, ෆහීම් අශ්රෆ් ලකුණු 44ක් හා නායක බබාර් අසාම් ලකුණු 30ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී ජයිඩ්න් සීල්ස් හා ජේසන් හෝල්ඩර් කඩුලු 3 බැගින් බිද හෙලුවා. කෙමා රෝච් බිද හෙලූ කඩුලු ගණන 2ක්.
ඒ අනුව කොදෙව්වන් මේ වන විට පළමු ඉනිමේ දී තවත් ලකුණු 215ක් පිටුපසින් පසුවනවා.
WICKET! Roach you beauty! #WIvPAK #MenInMaroon pic.twitter.com/5Z2cBju3z5
— Windies Cricket (@windiescricket) August 12, 2021