Ultimate magazine theme for WordPress.

කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයට 22 හැවිරිදි වමත් දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩිකා සචිනි නිසංසලා යළි කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

නමුත්, කඩුලු රකින ක්‍රීඩිකා ප්‍රසාදනී වීරක්කොඩි සංචිතයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලියේ තරග ජූනි 15, 18 හා 21 යන දිනවලදී ද, විස්සයි 20 තරගාවලියේ තරග ජූනි 24, 26 හා 28 යන දිනවලදී ද පැවැත්වීමට නියමිතයි.

සංචිතය :

Chamari Athapaththu – Captain, Vishmi Gunaratne, Harshitha Samarawickrama, Hasini Perera, Nilakshi De Silva, Kavisha Dilhari, Hansima Karunaratne, Oshadi Ranasinghe, Inoshi Fernando, Inoka Ranaweera, Udeshika Prabodhani, Achini Kulasuriya, Sugandika Kumari, Anushka Sanjeewani, Kawya Kavindi, Sachini Nisansala

තරග කාලසටහන –

  • 1st ODI : 15th June – MRICs, Hambantota
  • 2nd ODI : 18th June – MRICs, Hambantota
  • 3rd ODI : 21st June – MRICs, Hambantota
  • 1st T20I : 24th June – MRICs, Hambantota
  • 2nd T20I : 26th June – MRICs, Hambantota
  • 3rd T20I : 28th June – MRICs, Hambantota
Leave a comment