Ultimate magazine theme for WordPress.

කොදෙව්වන්ට එරෙහි අද තරගයට ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.00 ට ඇන්ටිගුවා හී ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

20යි 20 තරගාවලියේ දී ලද ජයග්‍රහණය ද සමගින් එක්දින තරගාවලිය ද ජය ගැනීමේ බලාපොරොත්තුවෙන් කොදෙව් කණ්ඩායම අද තරගයට පිවිසෙද්දී ජයග්‍රාහී මාවත විවර කරගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට පිවිසෙනු ඇති.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අවසන් වරට ක්‍රීඩා කළ එක්දින තරගාවලිය තරග 3 – 0 ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

නමුත් එම තරගාවලියේ දී දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මෙම එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව නැහැ.

2015 වසරෙන් පසුව දෙරට අතර මෙතෙක් පවත්වා ඇති එක්දින තරග 9න් 8ක්ම ජය ගෙන ඇත්තේ ද ශ්‍රී ලංකාවයි.

මේ අතර, නිමා වූ 20යි 20 තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නවක පිතිකරු පැතුම් නිස්සංකට ද අද තරගයේදි ජාත්‍යන්තර එක්දින වරම් හිමිවීමට වැඩි අවස්ථාවක් පවතිනවා.

වීසා ගැටලුවක් හේතුවෙන් එරටට ළගා වීම ප්‍රමාද වූ දසුන් ශානකට පළමු එක්දින තරග දෙක ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇති පරිදි අද තරගයට ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේයි –

Dimuth Karunaratne (c), Danushka Gunathilaka, Pathum Nissanka, Dinesh Chandimal, Angelo Mathews, Niroshan Dickwella (wk), Thisara Perera, Wanindu Hasaranga, Lakshan Sandakan, Dushmantha Chameera, Nuwan Pradeep

 

Leave a comment