Ultimate magazine theme for WordPress.

කොදෙව්වන්ගේ දැවැන්ත ජයෙන් පසු අලුත් වූ ප්‍රසාද ලකුණු සටහන ; ශ්‍රී ලංකාවේ වාර්තාවකුත් සම වෙයි

අකීල් හොසේන්ගේ අනර්ඝ පන්දු යැවීම හමුවේ 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය දරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙවර තරගාවලියේ දී ලැබූ සිය දෙවැනි ජයග්‍රහනය ද වාර්තා කිරීමට අද (9) පෙරවරුවේ සමත් වුණා.

තරගාවලියේ 18 වැනි තරගය ලෙස උගන්ඩාව සමග පැවැති මෙම තරගයෙන් කොදෙව්වන් ජය වාර්තා කළේ ලකුණු 134 කින්.

ගයානාහි Providence ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 5 ක් දැවී ලකුණු 173 ක් රැස් කරමින් නියමිත පන්දුවාර 20 අවසන් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ උගන්ඩාවට පන්දුවාර 12 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 39 ක් පමණයි. එය විස්සයි 20 ලෝක කුසලාන ඉතිහාසයේ දී කණ්ඩායමක් ලබා ගත් අවම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමක් ද වනවා.

මීට පෙර ශ්‍රී ලංකාව විසින් නෙදර්ලන්ත කණ්ඩායම ද 2014 වසරේ දී ලකුණු 39 කට දවා ගැනීමට සමත්ව තිබුණා.

Juma Miyagi නොදැවී ලකුණු 13 ක් රැස් කළ අතර, ඉනිමේ දෙවැනි වැඩිම ලකුණුලාභියා වූ Robinson Obuya රැස් කළ ලකුණු සංඛ්‍යාව 6 ක්.

පන්දු යැවීමේ ද අකීල් හොසේන් ලකුණු 11 කට කඩුලු 5 ක් දවා ගැනීම කැපී පෙනුණා. අල්සාරි ජෝසප් කඩුලු දෙකක් බිද හෙලුවේ ලකුණු 11 ක් ලබා දෙමින්.

පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් වෙනුවෙන් ජොන්සන් චාර්ල්ස් ලකුණු 44 ක් හා අන්ඩ්‍රි රසල් නොදැවී ලකුණු 30 ක් රැස් කළා. රොව්මන් පවෙල් ලකුණු 23 යි. නිකලස් පූරාන් හා ශෙර්ෆේන් රදර්ෆර්ඩ් ලකුණු 22 බැගින් ලබා සිටියදී දැවී ගියා.

මෙම තරගයෙන් ජය වාර්තා කළ ද කොදෙව්වන් මේ වන විට C කාණ්ඩයේ රැදී සිටින්නේ දෙවැනි ස්ථානයේයි.

මේ අතර, මෙම තරගයේ දී රොව්මන් පවෙල් විසින් මීටර් 107 ක් දුරට දැවැන්ත හයේ පහරක් එල්ල කළ අතර, එය මෙවර තරගාවලියේ දී පිතිකරුවෙකු මෙතෙක් එල්ල කළ දිගම හයේ පහරයි. (දර්ශන පහතින්)

[team_standings 59914]

Leave a comment