Ultimate magazine theme for WordPress.

කුසල් මෙන්ඩිස්ට විරුද්ධව අපහාසාත්මක ලිපි පළ කිරීම වළක්වමින් පුවත්පතකට එරෙහිව වාරණ නියෝගයක්

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට විරුද්ධව අපහාසාත්මක ලිපි පළ කිරීම වළක්වමින් පුවත්පතකට එරෙහිව අද(5) වාරණ නියෝගයක් නිකුත් කෙරුණා.

ඒ, කොළඹ දිස්ත්‍රික් අධිකරණය මගින්.

තමන්ට සිදු වූ අපහාස කිරීමක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 600ක වන්දියක් ඉල්ලා කුසල් මෙන්ඩිස් විසින් ගොණු කළ පෙත්සමක් සළකා බැලීමේ දී මෙම වාරණ නියෝගය නිකුත් කළ බව සදහන්.

තමන්ට එරෙහි අපහාසාත්මක ප්‍රකාශන වැළැක්වීම සඳහා වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු මෙම පෙත්සමෙන් ඉල්ලා තිබුණා.

කුසල් මෙන්ඩිස් සම්බන්ධ වූ රිය අනතුර සම්බන්ධයෙන් සඳහන් කරමින් අපහාසාත්මක ලිපි කිහිපයක් පළ කර ඇති බවටයි ඔහු අදාළ පෙත්සම ගොණු කරමින් පෙන්වා දුන්නේ.

මීට අදාළ නඩුව ලබන 19 වනදා යළි කැදවීමට නියමිතයි.

Leave a comment