කුසල් පෙරේරා ගැන සුබ ආරංචියක්

ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ඕමානයට එරෙහි 20යි 20 තරගාවලිය හා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමට හැකියාව පවතින බවට තොරතුරු වාර්තා වනවා.
ඔහුගේ පාදයක සුළු මස් පිඩු ඇදීමක් පමණක් සිදුව ඇති බවටයි වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.
ඊයේ(14) දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තෙවැනි 20යි 20 තරගයේ පිතිකරණයේ නිරතව සිටියදී කුසල් පෙරේරා මෙලෙස පාදයක ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් පන්දු රැකීම සදහා ද ඔහු එක් වූයේ නැහැ.
ආබාධය නිසා ඔහුට එළඹෙන ලෝක කුසලාන තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතු වී තිබුණ ද අද පස්වරුවේ ලැබුණු වෛද්‍ය පරීක්ණවල ප්‍රතිපල අනුව එවැනි අවධානමක් නොමැති බවටයි තහවුරු වී ඇත්තේ.
කෙසේ වෙතත්, ආබාධයකට ලක් වූ ළහිරු මදුෂංකට එළඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව සදහන්.
Kusal Janith Perera medically fit to Play Oman Series & ICC T20i World Cup.
📸 SLC
More 👇#SriLankaCricket #KusalPerera pic.twitter.com/2iTS378Tle
— DANUSHKA ARAVINDA (@DanuskaAravinda) September 15, 2021