Ultimate magazine theme for WordPress.

රසල් ඇතුළු තවත් හිටපු විශිෂ්ඨ ක්‍රීඩකයින් යුගලයක් ‍යළි ක්‍රිකට් පිටියට

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ හිටපු ප්‍රවීන ක්‍රීඩකයන් පෙරදැරි කරගෙන පසුගිය වසරේ ඉන්දියාවේ පැවති “Road safty world series T20” තරගාවලිය කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අතරමගදී නතර කිරීමට සිදුවුණා.

නොබෝ දිනකින් මෙම වසරේදී ද එම තරගාවලිය නැවත වරක් පැවැත්වීමට සංවිධායකයින් සැලසුම් කර ඇති බව අප  ඔබට මීට පෙර වාර්තා කළා.

මෙවර තරගාවලිය සදහා ගියවර සහභාගී නොවූ ක්‍රීඩකයන්ද ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන රසල් ආර්නල්ඩ් ද මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව සදහන්.

එමෙන්ම මෑතකදී ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් ශ්‍රී ලංකා සුපිරී වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ද මෙවර තරගාවලියේදී Sri Lanka Legends කණ්ඩායම නියෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවටයි වාර්තා පල වන්නේ.

වසර කිහිපයක සිට නුවන් කුලසේකර යළි ක්‍රිකට් පිටියේ දැක බලා ගැනීමට අපේක්ෂාවෙන් සිටින ප්‍රේක්ෂකයන්ට මෙය සුබ ආරංචියක් වනු නිසැකය.

මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ද අදාළ තරගාවලියට ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බව සදහන්.

“Road safty world series T20” තරගාවලියේ පැවැත්වීමට නොහැකි වූ ඉතිරි තරග ලබන මාර්තු 2 වනදා සිට 21 වනදා දක්වා ඉන්දියාවේ රායිපූර්හී දී පැවැත්වීමට නියමිතයි.

Leave a comment