Ultimate magazine theme for WordPress.

කි.මී. දෙකේ පරීක්ෂණය හදුන්වා දුන් ක්‍රියාවලියේ අඩුපාඩුවක් ගැන මාලිංගගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වෙනුවෙන් කිලෝ මීටර් දෙකේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය හදුන්වා දීමේ ක්‍රියාවලියේ යම් අඩුපාඩු පැවැති බවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා හිටපු 20යි 20 නායක ලසිත් මාලිංග පවසනවා.

ක්‍රීඩකයින්ට එම පරීක්ෂණයට සූදානම් වීම සදහා මාස 3ක පමණ කාලයක් අවම වශයෙන් ලබා දුන්නේ නම් එය ඉතා සුදුසු ක්‍රියාවක් වීමට ඉඩ තිබූ බවයි මාලිංග සිය යූ ටියුබ් නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමින් සදහන් කළේ.

පුහුණුකරුවන්ට ද පළමුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම ලබා දීම වැදගත් බව ඔහුගේ අදහසයි.

එසේ ක්‍රමානුකූලව එම පරීක්ෂණය හදුන්වා දුන්නේ නම් එය ඉතා ප්‍රායෝගික වීමට ඉඩ තිබූ බව ලසිත් මාලිංග සදහන් කර සිටියා.

Leave a comment