Ultimate magazine theme for WordPress.

කැම්පර් – ඩොක්‍රෙල් 119* ක සුපිරි සම්බන්ධය අයර්ලන්තයට විශිෂ්ඨ ජයක් ගෙනෙයි

Match Report

කර්ටිස් කැම්පර් පන්දු 32 කින් නොදැවී ලබා ගත් ලකුණු 72 හේතුවෙන් මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයෙන් ස්කොට්ලන්තය පරදා කඩුලු 6 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම අද (19) සමත් වුණා.

හෝබාර්ට්හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 177 ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්තය පන්දුවාර 19 ක් අවසානයේ දී කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. (180/4)

අයර්ලන්ත ඉනිමේ 4 වැනි කඩුල්ල ලකුණු 61 දී බිද වැටුණු පසුබිමකයි කැම්පර් හා ජෝර්ජ් ඩොක්‍රෙල් 5 වැනි කඩුල්ලට පන්දු 57 කින් 119 ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නගමින් අයර්ලන්තයට සුපිරි ජයක් ගෙන ඒමට සමත් වුණේ.

කැම්පර්ගේ ලකුණු 72 ට හයේ පහර 2ක් හා හතරේ පහර 7 ක් ඇතුළත්. ඩොක්‍රෙල් පන්දු 27 කින් නොදැවී ලකුණු 39 ක් රැස් කළා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 176 ක් ලබා ගත්තේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.

මයිකල් ජෝන්ස් පන්දු 55 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 86 ක්. ඒ, හයේ පහර 4 ක් හා හතරේ පහර 6 ක් ද සමගින්.

පන්දු යැවීමේ කර්ටිස් කැම්පර් ලකුණු 9කට කඩුලු 2 ක් දවා ගත්තා.

Show Comments (1)