Ultimate magazine theme for WordPress.

නයිට් රයිඩර්ස් සහ ලුසියා කණ්ඩායම් අවසන් තරගයට

කොදෙව් දූපත් හී පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගට  සුදුසුකම් ලබා ගැනීමට කිරන් පොලාඩ් නායකත්වය දරන ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, ට්‍රිනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගනයේ පැවැති පළමු අවසන්  පූර්ව තරගයෙන් ජැමෙයිකා තලවාස් කණ්ඩායම කඩුලු 9කින් පරාජයට පත් කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ජැමයිකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 107ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 15ක් අවසානයේ දී එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ලෙන්ඩ්ල් සිමන්ස් නොදැවී ලකුණු 54ක් රැස් කළා.

මේ අතර, තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වුණේ ගයානා ඇමසන් වොරියස් සහ ශාන්ත ලුසියා සෝක්ස් කන්ඩායම් අතරයි.

එම තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කිරීමට ශාන්ත ලුසියා කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ගයානා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 55ක් රුස් කළ අතර, එම ලකුණු සංඛ්‍යාව ශාන්ත ලුසියා කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී පසු කර ගියා.

Leave a comment