Ultimate magazine theme for WordPress.

අලාම්ට වසර 11කට පසු ටෙස්ට් තරගයක් – කාසියේ වාසිය පාකිස්තානයට

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තානය සමත් වූ අතර, ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

මෙම තරගය සදහා පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ෆවඩ් අලාම් ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.

ඔහු අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළේ 2009 වසරේ දී යි.

ඔහු කණ්ඩායමට ක්‍රීඩා කිරීම හේතුවෙන් ශඩාබ් ඛාන්ට මෙම තරගය අහිමි වී තිබෙනවා.

තරගය සවුත්හැම්ටන් හී දී පැවැත්වෙනවා.

Leave a comment