පාකිස්තානය 139/2 – Day 1 Report

එංගලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(5) නිමා වුණා.
ඒ වන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි සංචාරක පාකිස්තාන කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 139ක් ලබා සිටියා.
වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වීම නිසා පළමු දිනය පන්දුවාර 49කට සීමා වුණා.
ශාන් මසූඩ් නොදැවී ලකුණු 46ක් සහ බබාර් අසාම් නොදැවී ලකුණු 69 ක් ලබා කඩුල්ලේ රැදි සිටියා.
නායක අසාර් අලී ලකුණු නොලබා දැවී ගියා.
පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් ක්‍රිස් වෝක්ස් සහ ජොෆ්ර ආචර් කඩුල්ල බැගින් බිද හෙලුවා.
තරගය මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
කණ්ඩායම් දෙක –
England
Dom Sibley, Rory Burns, Joe Root (c), Ben Stokes, Ollie Pope, Jos Buttler (wk), Chris Woakes, Dom Bess, Stuart Broad, Jofra Archer, James Anderson
Pakistan
Shan Masood, Abid Ali, Azhar Ali (c), Babar Azam, Asad Shafiq, Shadab Khan, Mohammad Rizwan (wk), Yasir Shah, Shaheen Afridi, Mohammad Abbas, Naseem Shah