Ultimate magazine theme for WordPress.

කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට ; ශ්‍රී ලංකාවෙන් එක් වෙනසක්

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරගයේ පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය පර්ත් හී දී පැවැත්වෙන අතර, මෙම තරගය සදහා ශ්‍රී ලංකාවෙන් එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව පැතුම් නිස්සංක කණ්ඩායමට කැදවා ඇති අතර, කණ්ඩායමෙන් ඉවත් කර ඇත්තේ අශේන් බණ්ඩාරයි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඇෂ්ටන් ඒගාර් කණ්ඩාමට කැදවා තිබෙනවා. ඒ, කොවිඩ් 19 ආසාදනය වූ ඇඩම් සම්පා වෙනුවටයි.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI:

P Nissanka, Kusal Mendis, DM de Silva, KIC Asalanka, PBB Rajapaksa, MD Shanaka, W Hasaranga, C Karunaratne, M Theekshana, CBRLS Kumara, B Fernando

Australia XI:

AJ Finch, DA Warner, MR Marsh, GJ Maxwell, MP Stoinis, TH David, MS Wade, PJ Cummins, MA Starc, AC Agar, JR Hazlewood

Show Comments (1)