Ultimate magazine theme for WordPress.

කාර්තික් වෙනුවට මෝර්ගන් කොල්කටා පිලේ නායකත්වයට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නව නායකයා ලෙස ඉයන් මෝර්ගන් පත් කර තිබෙනවා.

ඒ , මෙතෙක් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ දිනේෂ් කාර්තික් සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කිරීම හේතුවෙන්.

තම පිතිකරණ දක්ෂතා පිළිබද වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් ඔහු එලෙස නායකත්වයෙන් ඉල්ලා අස් වුණා.

මෙවර අයි.පී.එල් තරගාවලියේ දී කොල්කටා කණ්ඩායම කාර්තික්ගේ නායකත්වය යටතේ තරග 7කට ක්‍රීඩා කර ඉන් තරග 4ක් ජය ගත්තා.

කෙසේ වෙතත්, දිනේෂ් කාර්තික්ගේ පිතිකරණ සාමාන්‍ය මෙවර තරගාවලියේ දී සටහන්ව ඇත්තේ 15ක් ලෙසයි.

Leave a comment