Ultimate magazine theme for WordPress.

ක්‍රිස් ගේල් LPL පිටියෙන් ඉවතට

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක් නොවීමට තීරණය කර තිබෙනවා.

ඒ, පෞද්ගලික හේතුවක් මුල් කර ගනිමින්.

ඔහු මෙවර තරගාවලියේ දී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටියා. 

ක්‍රිස් ගේල් අද දිනයේදී දිවයිනට පැමිණීමටයි නියමිතව සිටියේ.

ඔහු වෙනුවට ආදේශ කරන ක්‍රීඩකයා මෙතෙක් තීරණය කර නැහැ.

මහනුවර කණ්ඩායම නියෝජනය කරන සෙසු විදෙස් ක්‍රීඩකයින් වන්නේ ර්ෆාන් පතාන්, නවීන් උල් හක්, මුනාෆ් පටෙල්, සොහයිල් තන්වීර් සහ රහමනුල්ලා ගුර්බාස් යන අයයි.

Leave a comment