Ultimate magazine theme for WordPress.

ක්‍රිස් ගේල් රෝහල් ගත කෙරේ

කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමේ සුපිරි ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් රෝහල් ගත කර තිබෙනවා.

ඒ බව ඔහු විසින්ම සමාජ මාධ්‍ය වෙත ඡායාරූපයක් සහ සටහනක් තබමින් තහවුරු කර සිටියා.

මේ වන විට මෙවර අයි.පී.එල් තරගාවලියේ කිසිදු තරගයකට ක්‍රීඩා නොකළ ක්‍රිස් ගේල් නිමා වූ තරග කිහිපයේ දී ම අවසන් 11 දෙනාගේ කණ්ඩායම සදහා ඇතුළත් වනු ඇති බවට බොහෝ දෙනෙකු අපේක්ෂාවෙන් පසු වුණා.

ඒ, කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම මේ වන විට ඉතා අසාර්ථක කණ්ඩායමක් බවට පත්ව සිටීම ද පදනම් කර ගනිමින්.

කෙසේ වෙතත්, පසුගිය තරග කිහිපය සදහාම ඔහු ක්‍රීඩා නොකළ අතර, ඊට හේතු වී ඇත්තේ ඔහු ආහාර විෂ වීමක් හේතුවෙන් අසනීප තත්ත්වයේ පසුවීම නිසායි.

ඒ හේතුවෙන් ඔහුව රෝහල් ගත කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

Leave a comment