Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් විශේෂ රැස්වීම කල් යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිළධාරීන්ගේ හා හිටපු ක්‍රිකට් නායකයින්ගේ ද සහභාගිත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ රැස්වීම කල් දමා තිබෙනවා.

ඒ අනුව එම රැස්වීම ලබන දෙවනදා පස්වරු 3ට පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් නිළධාරීන්ට ද මෙම සාකච්ඡාවට ආරාධනා කර තිබූ බව වාර්තා වුණා.

ඇන්ජෙලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න හා දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයින් ද සාකච්ඡාවට එකඑක්වීමටයි නියමිතව සිටියේ.

රැස්වීම, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුණා.

Leave a comment