Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට සුබ ආරංචියක්

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගාවලියට අදාළ ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි ආකාරය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(12) නිවේදනය කළා.

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය ද ක්‍රීඩාංගනය වෙත ගොස් නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට හිමිව තිබෙනවා.

ඒ අනුව තරගාවලියට අදාළ ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි ආකාරය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(12) නිවේදනය කළා.

srilankacricket.lk හා bookmyshow.com යන වෙබ් අඩවි වෙත පිවිසීමෙන් ප්‍රේක්ෂකයින්ට ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

ඊට අමතර හෙට(13) දිනයේ සිට මහනුවර බලගොල්ල අභීත ක්‍රීඩාංගනයේ හා මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඇති ප්‍රවේශ පත්‍ර කවුලු තුළින් ද ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

තරග පැවැත්වෙන දිනවලදී පමණක් පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා වන කාලයේ දී මහනුවර බලගොල්ල අභීත ක්‍රීඩාංගනයෙන් ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

පල්ලේකැලේ ක්‍රීඩාංගනයෙන් පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා වන කාලයේ දී ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි වන්නේ තරග නොපැවැත්වෙන දිනවලදී යි.

srilankacricket.lk හා bookmyshow.com යන වෙබ් අඩවි තුළින් මිලදී ගත් ප්‍රවේශ පත්‍ර ද අදාළ ප්‍රවේශ පත්‍ර කවුලු තුළින් ලබා ගත හැකියි.

රුපියල් 300, 1,000 හා 3,000 යන මිල ගණන් අතර ප්‍රවේශ පත්‍ර මෙම තරගාවලිය වෙනුවෙන් නිකුත් කරනු ලබනවා.

තරග නැරඹීම සදහා අවස්ථාව ලබා දෙන්නේ පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 50% ක පිරිසකට පමණයි.

එමෙන්ම කොරෝනා වෛරසයට එරෙහි පළමු එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින්ට පමණක් තරග නැරඹීමට අවස්ථාව ලබා දෙන අතර, දෙවැනි මාත්‍රාව ක්‍රීඩාංගනයට ඇතුළුවන දිනයට දින 14කට පෙර ලබා ගෙන තිබීම ද අනිවාර්යය වනවා.

ක්‍රීඩාංගනයට පිවිසීමට පෙර ප්‍රේක්ෂකයින් විසින් එය තහවුරු කිරීම සදහා එන්නත් කාඩ්පත් (either the card or in digital form) ඉදිරිපත් කළ යුතුයි.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලිය එළඹෙන 16, 18 හා 21 යන දිනවලදී මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිතයි.

Leave a comment