Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් නිළවරණයට දින තීන්දු වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය එළඹෙන මැයි 20 වනදා පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

නිළවරණය සදහා නාමයෝජනා භාර ගැනීම එළඹෙන 24 වනදායින් අවසන් වන බව සදහන්.

ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා නිලවරණ කමිටුවක් පත් කිරීමට පසුගිය ජනවාරි 7 වනදා රැස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අති විශේෂ මහා සභා රැස්වීමේදී කටයුතු කෙරුණා.

ක්‍රීඩා පනතේ නීති සහ රෙගුලාසිවලට අනුකූලව පත් කර ගන්නා ලද එම ත්‍රිපුද්ගල කමිටුවට විශ්‍රාම ලත් අභියාචනාධිකරණ විනිසුරුවරියක වන මලනි ගුණරත්න, මහාධිකරණ විනිසුරුවරියක් වන ශිරෝමි පෙරේරා සහ අමාත්‍යාංශ කිහිපයක ප්‍රධාන ලේකම්වරයෙකු ලෙසින් සේවය කරන ලද ආචාර්ය ඩී.එම්.ආර්. දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළත් වුණා.

Leave a comment