Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් ක්‍රීඩිකා පූජානි රිය අනතුරකින් මරුට

කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා පූජානි ලියනගේ රිය අනතුරකින් මිය ගොස් තිබෙනවා.

මියයන විට ඇය 33 හැවිරිදි වියේ පසු වුණා.

කුරුණෑගල කටුපොත ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් ඇය මිය ගිය බව සදහන්.

ජාතික කණ්ඩායම නියෝජනය නොකළ ද, ඇය දේශීය තරග පිටිය තුළ පාදග පන්දු යවන්නියක් ලෙස සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත් වුණා.

ඇයගේ හදිසි අභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන ද සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සිය සංවේගය පල කර තිබෙනවා.

Leave a comment