ක්‍රිකට් ක්‍රීඩිකාවකටත් කොරෝනා

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවකට කොවිඩ් 19 හෙවෙත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කරනවා.
ඒ හේතුවෙන් කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 10 දෙනෙකු පමණ නිරෝධායනයට ලක් කර ඇති බව සදහන්.
වෛරසය ආසාදනය වූ ක්‍රීඩිකාව ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක වෛද්‍ය අධීක්‍ෂණය යටතේ පසුවනවා.
අනෙක් ක්‍රීඩිකාවන් නිරෝධානයට ලක්ව සිටින්නේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසකයි.
ඒ අනුව කාන්තා කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.