Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් ක්‍රීඩකයින්ට හෙට යෝග්‍යතා පරීක්ෂණයක් – ක්‍රීඩකයින් 35කට කොරෝනා නැහැ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 35 දෙනෙකු සදහා ඊයේ(10) සිදු කළ PCR වෛද්‍ය පරීක්ෂණවලින් ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය කියා සිටියේ පුහුණුකාර්යය මණ්ඩල සාමාජිකයින්ට ද වෛරසය ආසාදනය වී නොමැති බවට මෙහිදී හදුනා ගැණුනු බවයි.

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා නම් කර සිටි මූලික සංචිතයේ ක්‍රීඩකයින් මෙම වෛද්‍ය පරීක්ෂණයට මුහුණ දී තිබුණා.

කෙසේ වෙතත්, පසුගිය සතියේ දී පුහුණුවීම් කටයුතු තාවකාලිකව නතර කිරීමට සිදු වූයේ පුහුණුකරු මිකී ආතර් සහ ළහිරු තිරිමාන්නට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අණාවරණය වීම හේතුවෙන්.

හෙට (12) දිනයේ දී ක්‍රීඩකයික් සදහා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් ද සිදු කිරීමට නියමිතයි.

ලබන 16 වනදා සිට ක්‍රීඩකයින් පුහුණුවීම් කටයුතු ද ආරම්භ කරනු ඇති.

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සිදු කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා සිදු වන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

මිකී ආතර් සහ ළහිරු තිරිමාන්න තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව ද සදහන්.

Leave a comment