ක්‍රිකට් කමිටුවට මුරලි ඇතුළු 6ක් නම් කෙරෙන ලකුණු

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා පත් කිරීමට නියමිත නව ක්‍රිකට් කමිටුවට හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ද නම් කරනු ඇති බව වාර්තා වනවා.
කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන මහත්වරුන් ද ඊට ඇතුළත් බව සදහන්.
එමෙන්ම ක්‍රිකට් කමිටුව සදහා රංජිත් ප්‍රනාන්දු, අරවින්ද ද සිල්වා සහ රොෂාන් මහානාම යන මහත්වරුන් ද නම් කර ඇති බවයි වාර්තා වුණේ.
ක්‍රීඩකයින්ගේ සහ පුහුණුකරුවන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම ඇතුළු වගකීම් රැසක් මෙම කමිටුව වෙත පැවරෙනු ඇති.
ක්‍රිකට් කමිටුවට ඇතුළත් සාමාජිකයින් මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැහැ.