Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් ආයතන ගිණුම්වලට සාමාජිකයින්ගේ අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 59 වැනි වරටත් පවත්වන ලද වාර්ෂික මහ සභා රුස්වීමේදී 2019 වසරේ වාර්ෂික වාර්තාවට අමතරව රජයේ විගණකාධිපතිවරයා විසින් සහතික කරන ලද 2019 දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ වාර්ෂික විගණනය කරන ලද ගිණුම් අද (31) දිනයේදී එහි සාමාජිකයින් විසින් අනුමත කර තිබෙනවා.

1978 වසරේ අංක 25 දරන ක්‍රීඩා පනතට අනුව මෙම වාර්ෂික මහ සභා රුස්වීම පැවැත්ව්වවුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව ගෙන ඇති තීරණයක් පරිදි දීර්ඝ කාලීනව පැවැත එන ශේෂයන් කපා හැරීම මූල්‍ය ප්‍රකාශනවල නිරූපනය කර තිබීම සාමාන්‍ය සාමාජිකත්වය විසින් සටහන් කරන අතරම ශ්‍රී ලංකා මූල්‍ය ගිණුම් සාධාරණ ඉදිරිපත් කිරීමකින් ඉදිරිපත් කරන බවද මෙහිදී ප්‍රකාශ  කර ඇති බව සදහන්.

Leave a comment