Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් ආයතනයේ සේවකයෙකුටත් කොරෝනා ආසාදනය වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව ඔහුව මේ වන විට වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට ලක් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔහුගේ සමීප ආශ්‍රිතයින් නිරෝධායනයට ලක් කිරීමට ද පියවර ගෙන ඇති අතර, ඔවුන් සදහා අද දිනයේ දී PCR පරීක්ෂණද සිදු කර ඇති බව සදහන්.

අදාළ පුද්ගලයින් සදහා ඇන්ටිජන් පරීක්ෂණ ද සිදු කර ඇති බවත්, එහිදී ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට අණාවරණය වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දෛනික වැඩකටයුතු අත්‍යවශ්‍ය කාර්යය මණ්ඩලය සමගින් සාමාන්‍ය පරිදි සිදු වන බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක වැඩිදුරටත් දැක් වුණේ.

සෙසු සේවකයන් නිවසේ සිට සේවයේ නිරත වන බව ද සදහන්.

Leave a comment