Ultimate magazine theme for WordPress.

ක්‍රෙයිග් යන්ග් ලෝක කුසලානයෙන් ඉවතට

ආබාධයක් හේතුවෙන් අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ක්‍රෙයිග් යන්ග්ට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ අනුව ඔහු වෙනුවට ග්‍රැහැම් හියුම් (Graham Hume) අයර්ලන්ත සංචිතයට ආදේශ කිරිමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වන මෙවර 20යි 20 ලෝක කුසලානය යටතේ අයර්ලන්තය ක්‍රීඩා කරන පළමු තරගය ලබන 17 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Show Comments (1)